මිනිස්සු කියවීමෙන් ඈත් වෙලා

 ඡායාරූපය:

මිනිස්සු කියවීමෙන් ඈත් වෙලා

 

කොහොමද මේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ?

අපි 2003දී ඒජන්සිය ආරම්භ කළේ කොමිනිකේෂන් එකක් විදිහටයි. පස්සේ අපි බුක් ෂොප් එකකුත් මේ එක්කම පටන් ගත්තා. පසුකාලීනවයි අලෙවි ආයතනය ආරම්භ කරන්නේ. පටන් ගත්තේ මගේ නමින්මයි. හෙට්ටිගමගේ ජගත් ගැමුණු කුමාර ස්ටෝර්ස් කියලා. දැන් වෙද්දි අපේ කඩෙන් තමයි නගරයේ වැඩි දෙනකු පොත්පත් අරගන්නේ. මුද්‍රිත වැඩ කරගන්්නේ. දැනට අවුරුදු 16ක විතර ඉතිහාසයක් අපට තියෙනවා.

අපේ වෙළඳසලේ කාර්ය මණ්ඩලය 06දෙනකු වැඩ කරනවා. ඒ අයවත් මේ වෙලාවේ මතක් කරනන ඕනා. යුරේෂා, නුවන්, දිලූෂා, ශානික්, ඉෂානි, රසික කියන අය තමයි අපේ මේ කටයුත්ත සාර්ථකත්වයේ කොටස් කරුවෝ. අපේ ව්‍යාපාරය පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තල්ගස්වල නගරයේයි.

කොහොමද ඔබ මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ ඒ වගේම කොයි අවදියේද?

මම ව්‍යාපාරයට යොමු වෙන්නේ 2003දී තමයි. ඒ වෙද්දී මම කලේ ප්‍රදේශයේ අමු තේ දලු එකතු කිරීමයි. පස්සේ මේ ව්‍යාපාරයටට ආස හිතිලා තමයි මම මේ ක්ෂේත්‍රය තෝරා ගත්තේ.

මේ ඒජන්සිය හරහා ආවරණය වන ප්‍රදේශ මොනවාද?

තල්ගස්වල, පොරවගම, පෝද්දිවෙල, නියාගම, කැල්ලපත, වත්තහේන, හොරන්ගල්ල, තල්ගස්පේ, මානම්පිට කියන නගරවලට යවනවා. ඒ වගේම ප්‍රදේශ සීමාවන් පිළිබඳ කතා කරද්දී ඇල්පිටිය දෙසට හොරන්ගල්ල දක්වාත් ගාල්ල දෙසට මාපලගම දක්වාත් පිටිගල දෙස සිට තල්ගස්පේ දක්වාත් පත්තර යවනවා.

අනිවාර්යයෙන් ඔබෙන් පුවත්පත් මිලදී ගන්නේ මොන මොන ආයතනද?

නියාගම ප්‍රාදේශීය සභාව ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලංකා බැංකු වගේම රාජ්‍ය බැංකු, දිස්ත්‍රික්කයේ සණස බැංකුව, වෘත්තීය පුහුණු අධිකාරිය, රජයේ පුස්තකාලය වගේම රාජ්‍ය ආයතන සියල්ලටම වගේ පුවත්පත් අරගන්නවා. ඒ වගේම තල්ගස්වල වත්තටත් දිනපතා පුවත්පත් රැඟෙන යනවා.

උප අලෙවි නියෝජිතයෝ දෙනෙක් ඉන්නවාද?

අපේ යටතේ 8ක් පමණ ඉන්නවා. මතක නම් කිහිපදෙනයි. ඒ අතර ඉන්නවා ශ්‍රී ජය ස්ටෝර්ස්, සේන ස්ටෝර්ස්, රවිඳු පොත්හල, ලක්මාල් ස්ටෝර්ස්, ගොල්ඩ් ස්ටාර් ස්ටෝර්ස්, කපිල ස්ටෝර්ස් මතක නම් එච්චරයි තවත් අය ඉන්නවා.

බයිසිකලෙනුත් පත්තර අලෙවි කරන අය තවමත් ඉන්නවාද?

බයිසිකලෙන් පත්තර අලෙවි කරන අය නම් දැන් ඇත්තෙම නැති තරම්. ඉස්සර නම් හිටියා . ඒ අයට ලැබෙන කොමිස් එක අඩුයි කියලා දැන් වෙද්දි රැකියාව අතඇරලා දාලා තියෙනවා.

මේ අවුරුදු 16 තුළදී සිදුවුණු අමතක නොවෙන සිදුවීම් එහෙම ඇති නෙද ?

අමතක නොවෙන සිදුවීම් නම් මහ ගොඩක් නෑ. එත් එක සිදුවීමක් නම් මේ වෙලාවේදී මතක් වෙනවා. ලොකු ගංවතුරක් ආව 2017දී ඒක නම් අමතක වෙන්නේ නෑ. එදා අපේ තිබුණු සේසකම නැති වුණා. දවස් 04ක්ම කඩය යටවෙලා තිබුණා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු ගණනක් වෙනවා. මේක දියුණු කරගෙන ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම ව්‍යාපාරය හොඳට දියුණු කරලා ශාඛා ජාලයක් ක්‍රියාත්මක කරන්නත් ලොකු ආශාවකු තියෙනවා.

ලේක්හවුස් පත්තර පිළිබඳ කියන්න අනිවාර්යයෙන්ම දෙයක් ඇති.

ඔව්. ඇත්තෙන්ම ලංකාවේ තියෙන අංක එකේ පැරණිම ආයතනයක්. එහි පත්තරවල ගුණාත්මක බව නම් අනර්ඝයි ඒත් මිනිස්සු කියැවීමෙන් ඈත් වෙලා තියෙනවා. මේ කලාව අපෙන් ඈත් වෙලා යන්නේ. ඒත් දිනමිණ, සිළුමිණ වගේ පත්තරවලට නම් තවමත් හොඳ ඉල්ලුමක් තියෙනවා

පුවත්පත්වල අනාගතය ගැන ඔබේ අදහස?

දැන් නම් පත්තර අලෙවිය අඩුවෙලා තියෙනවා. ඒ සියල්ල ඩිජිටල්කරණය වෙලා තියෙන නිසා කියලා මට හිතෙනවා.

මාතෘකා