නේරු වැනි නායකයකු සොයා ගැනීම

 ඡායාරූපය:

නේරු වැනි නායකයකු සොයා ගැනීම

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයාවූ ජවහර්ලාල් නේරු විසින් 1947 මාර්තු 23 වන දින නව දිල්ල්යේ පැවැත්වූ ආසියානු සමළුවේදී කළ කතාව පහතින් දක්වා ඇත. එමඟින් ඔහු ගෝලීය දේශපාලනය සහ සංස්කෘතික අවකාශය තුළ ආසියානු කලාපයේ ඇති වැදගත්කම සහ දායකත්වය සාකච්ඡාවට බඳුන් කළේය. අදින් වසර හැත්තෑවකට පමණ ඉහතදී කළ මෙම කතාව තුළින් උදෙක්ම පෙන්නුම් කරන්නේ රටක නායකයකු සතු විය යුතු තමන්ගේ රාජකාරියෙහි ඇති නිපුණබව සහ එය සාර්ථකව සිදුකිරිම සඳහා ඔහු දියුණු කරගෙන ඇති අන්තර්ඥානයයි. එබඳු ගුණවලින් යුත් නායකයෙකුට රටක්, කලාපයක් ඉක්මවා ගෝලීය නායකයකු සේ නැඟීසිටීමට ඇති විභවතාවක් වර්ධනය කරගැනීමට හැකියාව ඇත. තම රටේ අභිමානය ගැන කතා කළ නේරූ හුදෙක් ජාතිකත්වයම වර නොනඟා එහි ඇති වටිනාකම නවීන ලෝකය තුළ ස්ථානගත කළ හැක්කේ කෙසේද යන අන්තර්ඥානයක් සතු වූ නායකයකු වූ නිසා වසර හැත්තෑවක් ගිය තැන ඉන්දියාවට අභ්‍යවකාශ ප්‍රජාවක් (Space Nation) බවට පත් වීමට හැකි විය. ඉන්දියාව ඒ දක්වා පැමිණි ගමන් මගේ පළමු පස්පිඩැල්ල කැපූ නායකයන් අතර නේරු අවිවාදයෙන්ම ප්‍රමුඛතාවක් හිමි කර ගනී. මෙවන් පෞරුෂයක් හා අන්තර්ඥායක් සතු නායකයකු බිහි කර ගැනීමේ ඓතිහාසික මොහොතක එළිපත්තේ සිටින අප සැවොම, ඒ ඓතිහාසික තීන්දුව ලියූ පැන්සල් කොටය අත දරමින් සිටිමු. එහෙයින් නේරුගේ පහත සඳහන් කතාවේ ඉන්දියාව පිළිබඳ ඔහු දක්වන අදහස් අප රටට ආදේශ කර ගනිමින් කියවමින් එය ඔබගේ තීන්දුව නීර්ණය කරගැනීමට පිටිවහලක් කරගන්නා ලෙස මම ඔබට ඇරයුම් කරමි.

“මිත්‍රයනි, මගේ හිතවත් ආසියානුවනි, අපගේ මව් මහද්වීපය වන ආසියානු රටවල් නියෝජනය කරමින් ඔබ මෙම ඓතිහාසික නගරයට රැස් වූයේ කුමක් අරබයාද, අපගේ ඇරයුමෙන් ඔබ මෙහි පැමිණියත්, ඊටත් වඩා ඔබ තුළින් පැමිණි ඒ ගැඹුරු හැඟීම නිසාම ඔබ මෙහි රැස් වූ බව මම දනිමි.

අප එක් යුගයක් අවසන් කරමින් නව යුගයක් එළිපත්තේ සිටගනිමින් සිටිමු. මානව ඉතිහාසයේ සහ කැපවීමේ යුග දෙකක් සෝදාපාළුවකට ලක් වීමේ සාක්ෂිකරුවන් වූ අපට පසුපස හැරී අපගේ ගෙවී ගිය අතීතය දෙස බලා නැවතත් අපගේ ඇස් පනාපිටට ඉදිවෙමින් තිබෙන අලුතින් බිහිවන අනාගතයේ හැඩය දැකගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත. දිර්ඝකාලීන යටපත්කිරීමකින් පසුව ආසියානු කලාපය දැන් අලුගසා නැඟිටිමින් සිටින අතර ගෝලීය දේශපාලනය තුළ වැදගත්කමක් හිමි කරගනිමින් ඇත. අප විසින් ගෙවීගිය සහශ්‍රක වර්ෂ දෙස බලද්දී අසියානු කලාපය මානව පරිණාමයෙහි ඉතා භාරදූර කාරයයක් සිදු කළ කලාපයක් වූයේය. එපමණක් නොව මානව ශිෂ්ටාචාරය නම් කුසුම තම පෙති විදාහරිමින් සුපිෂ්පිත වූයේද, මානවයා ලොව පුරා කළ තම නොතිත් ජීවන ගමන ඇරඹුවේද මෙම කලාපයේ සිටගෙනය. මානවයගේ මනස, සත්‍ය යනු කුමක්ද යන්න සෙවීම සඳහා අනවරත වෙහෙස වූයේද, දුක්ඛප්‍රාප්තියට පත් වූයේද, මුළු ලොවම එළිය කළා වූ රන්ටැඹක් සේ මානව ආත්මය දිදුලුවේද මෙම කලාපය තුළය.

මෙම නන් පැහැගත් ආසියාවේ සතර අතින් ගලා ආ සංස්කීතික මහෝඝයන් කල්යත්ම මෙහි පැලපදියම්ව අවිචින්නව පැවත ආවේය. අප අසල්වැසි අන් මහද්වීප වැසියන් තම බලපුල්වන්කරකම්වලින් ලෝකයේ අන් කොටස් යටත් කරගනීමට පෙළඹුණත් අපගේ බලසම්පන්න මහද්වීපය යුරෝප අධිරාජ්‍යවාදීන්ගේ යටතට පත් වූ අතර මානවයාගේ ඉතිහාසය සහ වර්ධනයේ කේන්ද්‍රය බවට පත් වූයේ යුරෝපයයි.

එහෙත් වෙනසක් වෙමින් තිබේ. ආසියාව නැවතත් ඇයට හිමි ගෞරවය අත්කරගනිමින් සිටී. අප මේ දිවිගෙවන්නේ එම සුවිශේසී නොනගතයේය. ඊළඟ හෝරාවේදී ආසියාව ලෝකය තුළ තමන්ට උරුම වූ ඒ අයිතිය හිමිකරගනු ඇත. එවන් නිමේෂයක හමු වූ අප සැම අතර කිසිවෙකු නයකයකු හෝ අනුගාමිකයකු විය යුතු නැත. අප සෑම දෙනාටම එකී පොදු කාර්යයේ සහ කැපකිරීමේදී සමසුන් හිමි වෙයි.නව ආසියානු සංවර්ධන අදියරේදී ඉන්දියාව කළ යුතු වැඩකොටස පිළිබඳ අපි හොඳාකරව දනිමු. ඉන්දියාවේ භූගෝලීය පිහිටීම අනුව එය ආසියානු බලවතුන් මධ්‍යෙය් ඉතා වැදගත් ස්ථානයක සිටියි. එම නිසාම ඉන්දියාවේ ඉතිහාසය යනු තම අවට හිත්‍රමිත්‍ර රටවල් සමඟ පැවැත්වූ විදේශීය සබඳතාවල ඉතිහාසයක්ද වෙයි. පෙරඅපර දිගින් පැමිණි සංස්කෘතික ධාරා මෙහි පැළපදියම්ව අප ජන සමාජයට පත්තියං වූ අතර ඉන් දලුලෑවේ නව අද්විතීය සංස්කෘතික චර්යාවන්ය. ඉන්දියාව කුමක්ද යන්න ඔබට දැනගැනීම අවශ්‍ය නම් ඔබට ඇෆ්ගනිස්තානයට, බටහිර ආසියාවට, මධ්‍ය ආසියාවට, චීනයට හෝ ජපානයට මෙන්ම අනෙකුත් අග්නිදිග ආසියානු රටවලට ගමන් කළ යුතුය. එහිදී ඔබට ඉන්දියානු සංස්කෘතියේ ඇති මහානුබාවසම්පන්නභාවය ගැන අදහසක් ලබාගත හැකිය.

මම අතීතය ගැන දිගින් දිගට කතාකරන්නට යන්නේ නැත. අපි වර්තමානයට හැරෙමු. ගෝලීය ඉතිසාය තුළ සමස්ත ලොකය මුහුණපා ඇති අර්බුදය විසඳීම සඳහා ආසියාවට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇත. අන් රටවල බළල් අත් නොවී ලෝක දේශපාලනය තුළ තමන්ගේ ස්වාධීන ප්‍රතිපත්ති මත කටයුතු කිරීමට අප කලාපයේ නායකයන් කටයුතු කළ යුතුය. යුරෝපය සහ ඇමෙරිකාව මානව ප්‍රගමනය උදෙසා විශාල වැඩ කොටසක් කර ඇති අතර අප විසින් ඔවුන්ට හිමි ඒ නිසා ගෞරවය ලබා දෙමින් අප කලාපයේ ප්‍රගමනය උදෙසා අවශ්‍ය පාඩම් ඔවුන්ගෙන් ඉගෙනගත යුතුය. එහෙත් බටහිර විසින් අපව නොනිත් යුද ගැටුම් රාශියකට පටලවා ඇති අතර අනාගතයේ ඇති වන පරමානු යුද ගැටුම්වලටද අපව පටලවා දැමීමේ සැලසුම් අප අවබෝධ කර ගත යුතුය. එහෙයින් මෙම පරමානුක යුගය තුළ ආසියාව කාලපීය මෙන්ම ලෝක සාමය සුරැකීම සඳහා කැප විය යුතුය. මේ සඳහා අප රටවල් එකිනෙකා මුහුණ දී ඇති අභ්‍යන්තර ගැටලු විසඳාගැනීමට අප පියවර ගත යුතුව ඇත. එමඟින් ලෝක සාමය ඇති කිරීම සඳහා ශක්තිමත් බලගණයක් වීමට අපට හැකියාව ලැබෙනු ඇත."

මාතෘකා