ඔට්සි නම් හිම මිනිසා

 ඡායාරූපය:

ඔට්සි නම් හිම මිනිසා

 

ඉතාලිය සහ ඔස්ට්‍රියාව අතර දේශසීමාවේ ඇල්ෆ්ස් කඳුවැටියේ ඉතාලි දේශය පැත්තෙහි ඇති ඔට්ස්ටල් ඇල්ෆ්ස් නම් කඳුශිකරය නැඟි කඳුනඟින්නන් දෙදෙනෙකුට 1991දී හිමෙන් දිය වී නිරාවරණ වූ මළ මිනිසෙකුගේ මෘත ශරීරයක් හමු විය. බැලූ බැල්මට ඔවුන්ට පෙනුණේ එය මෑතකදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් බවය. මේ පිළිබඳ අදාළ බලධාරීන්ට දැන්වීමෙන් පසුව මෙය මෑත ඉතිහාසය තුළ සිදු වූ සිදුවීමක ප්‍රතිඵලයක් නොවන බව අවබෝධ විය.

පසුව 'ඔට්සි' ලෙස නාමකරණ කරන ලද මෙම මිනිසා අප වංශයෙහි මෙතෙක් නිරුපද්‍රිතව හමු වූ වඩාත් පැරණිම මුතුන් මිත්තාය. කුඩා එහෙත් ශක්තිමත් ශරීරයකින් යුත් පුද්ගලයෙකු වූ ඔහු හතළිස් වියැති වුවද තම වයසට සාපෙක්ෂව වියපත් බවක් පෙන්නුම් කළේය. ඔහුගේ දේහය අසල තිබී තඹ පොරවක් හමු වීම යන කරුණ මත ඔහු යම් සාමාජීය වැදගත්කමක් හිමි කරගෙන සිටි පුද්ගලයෙකු බව අනාවරණය වෙයි. හිම මිනිසා පිළිබඳ මෙතෙක් නැඟෙන ගැටලු සහ ඒවාට පිළිතුරු වශයෙන් අසීමාන්තික න්‍යයන් මතු වී ඇත. විද්‍යාඥයින් විසින් මේ පිළිබඳ ගොඩනැඟූ අනුමාන වලට අනුරූපව දඩයක්කාරයා විටෙක, අරමං වූ ගොපෙල්ලෙකු ලෙසද, අතැම්විටෙක කට්ටඩියෙකු ලෙසද, එසෙත් නැතිනම් කට්ටඩියන් විසින් ලබා දුන් බිල්ලක් වශයෙන් හැඳින්විණ. එමෙන්ම මෙම සියලු අනුමානයක්ම වසරින් වසර නව තාක්ෂණය භාවිතයෙන් සොයාගත් කරුණු හමුවේ වෙනස් විය.

සත්‍ය තවම නිශ්චිතවම අනාවරණය වී නොමැත. එහෙත් වත්මන විට විද්‍යාඥයින් විසින් සක්සුදක් සේ දන්නා කරුණක් වෙයි. එනම් ඔහු කිසිවෙකු විසින් ඝාතනය කොට ඇති බව මෙන්ම ඔහුට ඇතිවූ මරණීය තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය. එය සැබවින්ම ප්‍රාග්ඓතිහාසික අපරාධයකි. මෙම මිනිසාගේ දත් ආශ්‍රයකොටගෙන කළ සමස්ථානික විශ්ලේශන මඟින් ඔහු නූතන Bressanone නුවරට ආසන්න Valle Isarco නම් උතුරු සහ දකුණු දිගට විහිදුණු නිමනයේ හැදී වැඩුණකු බව සොයාගෙන ඇත. එමෙන්ම පර්යේෂණ කන්ඩායම ඔහුගේ අතුණුබහන්වල තිබී කුඩා තලාතු මිනිරන් අංශු සොයාගත් අතර එම කොටස් ඇඹුරුම් ගල් යොදාගෙන ධාන්‍ය ඇඹරීමේදී ආහාරවලට එකතු වූ පාෂාණ කොටස් වලින් ඉතිරිවෙන්නට ඇති බව ඔවුන් විශ්වාස කරති. මෙම තලාතු මිනිරන් අංශුවල භූවිද්‍යාත්මක කාලනීර්ණවලට අනුව ඒවා Val Venosta හි කුඩා ප්‍රදේශයකින් සොයාගත හැකි පාෂාණ බවද ඔහු තම අවසන් ගමන අරඹන්නට ඇත්තේ මෙම ප්‍ර දේශයේ සිට බව තහවුරු කළ හැකිය.

පුරාජීවවිදයාඥයින් දඩයක්කරුවාගේ අවසන් හෝරා කිහිපය ප්‍රතිනිර්මාණය කරගැනීම සඳහා ඔහුගේ ශරීරයේ තුළ සහ පිටත තිබී හමු වූ ශාක වර්ග ගණනාවක සාධක පාරාග විශ්ලේශනය මඟින් අනාවරණය කරගෙන ඇති අතර එම නවතම ප්‍රතිඵල මෙම මස තුළ ප්‍රකාශයට පත් විය. එම ප්‍රතිඵල අනුව ඔහුගේ ශරීරයේ තිබී විවිධ වර්ගවලට අයත් පාසි වර්ග 70කට පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත. එමඟින් එක් වර්ගයක් දැනටමත් එම නිම්නය තුළ විවිධ තැන්හි වැවෙන අතර දැනට සොයාගෙන ඇති වඩාත් ප්‍රසිද්ධ ප්‍රාග්ඓතිහාසික ස්ථාන ගණනාවක් අසලද මෙම පාසි වර්ගය වැවෙයි. දඩයක් කරුවා සතුව මෙම පෙඳ පාසි ගුලයක් හමු වීමෙන්, ඔහු මේවා තම ආහාර ආවරණය කිරීම සඳහා භාවිතා කරන්නට ඇති බව විද්‍යාඥයෝ පවසති. එහෙත් පුරාණයේ සිටි ඇතැම් මුතුන් මිත්තන් මේ පෙඳ පාසී වැසිකිළි කඩදාසි වශයෙන්ද භාවිතා කර ඇත.

2001 වර්ෂයේදී බොල්සෝනේ මධ්‍යම රෝහලේ විකිරණ වේද අංශයෙහි අධ්‍යක්ෂවරයා වූ පොල් ගොස්නර් දඩයක්කරුවාගේ බිඳීගොස් තිබුණු ඉළ ඇටවල එකස් කිරණ ඡායාරූප කිහිපයක් ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ විය. ඊට පසුදා මෙම මෘත ශරීරයෙහි නිල භාරකරු වූ ඉගේටර් විගිල්ට මෙම බිඳී ගිය ඉළඇට බෙහෙවින් පැරණි හෙයින් එමඟින් කිසිදු නිඟමනයකට පැමිණිය නොහැකි බව දැන්වුයේය. "ඒත් මම වෙන දෙයක් හොයාගත්තා, ඒත් ඒක මොකක්ද කියල කියන්න බැහැ" ඔහු විගිල්ට පැවසුවේය. දඩයක්කරුවාගේ වම් උර පත්තේ ත්‍රිකෝණාකාර ඡායාවකින් යුත් යම් දෙයක් තිබෙන බව ඔහු දුටුවේය. සැබවින්ම එය ඉතා තියුණු ශිලා මෙවලමකින් කළ හී තුඩක් බව පසුව අනාවරණය විය.

2005 වර්ෂය වන විට මෙඟින් වඩාත් සංකීර්ණ වොහාර විද්‍යාත්මක සාධක සොයාගන්නා ලදි. එම පර්යේෂණය මඟින් ලබා ගත් ප්‍රතිඵල ඉතාමත් සුවිශේෂ විය. එම මුවහත් ශිලා මෙවලම ෆ්ලින්ට් පාෂාණයකින් තනා තිබිණි. එමඟින් දඩයක්කරුවාගේ වම් උරපතෙහි අඟල් භාගයක පමණ සිදුරක් තනමින් තුවාල කොට තිබුණු අතර එමඟින් ප්‍රධාන ධමනියක් කැපී ගොස් ඇත. මෙය හෘද වස්තුවේ සිට වම් අත දක්වා රුධිරය රැඟෙන යන ප්‍රධානම ධමනියයි. උරස් කුහරයේ ඇති එවැනි ප්‍රධාන රුධිර නාලයක් කැපී යාමෙන් නැවතිය නොහැකි රුධිර වහනයක් සිදු වන අතරම එමඟින් ඉතා සුළු කාලයක් තුළ යමෙකු මරණයට පත් වෙනු ඇත. මෙවැනි ඉතා මරණීය තුවාලයක් සහ රුධිර වහනයක් සහිතව පැයගණක් තිස්සේ කඳු නැඟීම කෙලෙසකවත් කළ නොහැකි කටයුත්තකි.

කෙසේ වුවද සිදු වුයේ කුමක්ද යන්න ගැන දඩයක්කරුවාගේ මුවින් කිසිදා ප්‍රකාශ නොවුවද නවීන තාක්ෂණය පිංසිදුවන්නට නියපොත්තක සටහන් වූ ව්‍යාධ ඉතිහාසය, නොජීරණය වූ අහාර මිලිග්‍රෑම් ප්‍රමාණයක් මෙන්ම පරාග ස්වල්පයක් යන අන්වීක්ෂීය සාධක කිහිපය නිසා අදින් වසර 5,300 කට පෙර අභිරහස් ලෙස මිය ගිය මෙම පුද්ගලයා ගේ දිවිය පිළිබඳ තොරතුරු ගණනාවකින් ප්‍රාග්ඉතිහාසය තුළ සිදු වූ අපරාධයක සුලමුල සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත.

News Order: 
0
මාතෘකා