කලාවෙන් මොළ සෝදමු

 ඡායාරූපය:

කලාවෙන් මොළ සෝදමු

සමාජයේ වෙසෙන ආබාධිත නොවන පුද්ගල ෙයා් ආබාධිත පුද්ගලයන් කෙරේ ඉතා සංවේදී ෙවති. ඔවුන්ට උපකාර කරමින් ආබාධිත තත්ත්වය නොදැනෙන්නට කටයුතු කරන බොහෝ පිරිසක් සමාජය තුළ ජීවත් වෙති. නමුත් තවමත් ආකල්ප අතින් සංවර්ධනය නොවූ සෘණාත්මක අදහස් දරන පුද්ගලයන්ද සමාජය තුළ නැතුවාම නොවේ.

ඇතැමුන් ආබාධිත අයෙකුගේ ආබාධිත තත්ත්වය පිළිබඳව විමසා සිටින්නේ ආසන්නයේ සිටින වෙනත් අයගෙන්ය. එහෙත් එදිනෙදා ජීවිතය පිළිබඳ අදාළ දෘශ්‍යාබාධිත පුද්ගලයාගෙන්ම අසා දැනගන්නවා නම් වඩා සාර්ථක පිළිතුරක් ලැබෙන බව මගේ අදහසයි.

බොහෝ අය සිතන්නේ දෑස නොපෙනෙන සියල්ලන්ගේ දෑස්ද නොපෙනෙන බවයි. එවැනි සිතුවිලි සමග මිනිසුන් දරන ආකල්ප හා අසන ප්‍රශ්න හරහා දෘශ්‍යාබාධිත ෙයා් මහත් පීඩාවට පත් ෙවති.

දෘශ්‍යාබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ විවිධ දුර්මත පවතී. විශ්වවිද්‍යාලවල ඔවුන්ට වෙන් වූ ආචාර්ය මණ්ඩල හා විෂය නිර්දේශ ඇති බවත්, ඔවුන්ට ස්වාධීනව කටයුතු කළ නොහැකි බවත්, ඔවුන්ට වෙන් වූ රැකියා පවතින බවත් ඉන් කිහිපයකි. ඔවුනට කියා වෙනම පීඨයක්, අධ්‍යයන අංශයක් නැත. ආචාර්යවරුන් විශේෂයෙන් සිටින්නේ පරිගණක අධ්‍යාපනයට පමණි. පාසැල් අධ්‍යාපනය තුළ පවා අනිත් අයට වඩා වෙනස් වන්නේ ඉගෙනුම ලබන මාධ්‍ය පමණි. එනම් බ්‍රේල් ක්‍රමය හා සංඥා භාෂාව මගින්ය.

ආබාධිත සිසුන් සඳහා සම්පත් මධ්‍යස්ථාන, සුබසාධන සංවිධාන විශ්වවිද්‍යාල තුළ පවතින අතර ඇතමුන් ඒවා සෙසු දෑ සමග පටලවාගෙන ඇති සෙයක් අපට පෙනී ගිය කාරණයකි.

ඇතැම් පුද්ගලයන් ඉහත කී දුර්මත සමාජගත කිරීමද පුද්ගල ආකල්ප සංවර්ධනය නොවීමට එක් හේතුවකි.

එසේම ආබාධිත පුද්ගලයන් කෙරේ පවතින සමාජ ආකල්ප වෙනස් කිරීමට කලාව සහ සාහිත්‍යය උපයෝගී කර ගත හැකි යැයි මා විශ්වාස කරන අතර බටහිර සාහිත්‍යය තුළ ආබාධිත පුද්ගලයන් නගාසිටුවමින් ඔවුනට සමාජය තුළ යම් වටිනාකමක් ලබාදීමට එම නිර්මාණකරුවන් සමත්වී තිබේ. එසේම චිත්‍රපට, ටෙලිනාට්‍ය හරහාද ඔවුන්ගේ දක්ෂතා සහ හැකියාවන් පෙන්නුම් කරන්නේ අනුකම්පාව දැනවීමට එහා ගිය අභිලාසයකිනි. එසේම ඇතැම් නිර්මාණකරුවන් තම නිර්මාණ සඳහා ආබාධිත පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් යොදා ගෙන ඇත්තේ ඔවුන්ද ආබාධිත වුවත් සමාජයේ වෙසෙන සෙසු පුද්ගලයන්ම හා සම වන බව ඇගයීමටය. නිදසුන් ලෙස ඩෙයා ඩෙවිල් රූපවාහිනී අංගය, කාබිල් හින්දි චිත්‍රපටය සහ ආන්කෙන් යන හින්දි චිත්‍රපටය දැක්විය හැකිය.

මීට අමතරව දැනට විකාශනය වන වෙස් ටෙලිනාට්‍ය තුළ නිරූපණය කරන දෑස් අඳ මවගේ චරිතයද මෑතකදී ලංකාව තුළ ආබාධිත තත්ත්වයක් ඉතා සුභවාදී ආකල්පයෙන් යුතුව යොදාගත් අවස්ථාවක් ලෙස දැක්වීමට පුළුවන.

අද සමාජය තුළ ධනාත්මක ආකල්ප ඇති කරලීමට ජන මාධ්‍යයට මෙන්ම වෙනත් සමාජ මාධ්‍යයටද හැකියාව පවතී. නමුත් ඇතැම් විට ඒවාම ආකල්ප සෘණාත්මක වීමට බලපායි නම් එය කනගාටුදායක තත්ත්වයකි. මුහුණුපොත තුළ සැරිසැරීමේදී දෘශ්‍යාබාධිත අයෙකු එහි සිටී නම් ඇතැම්හු පුදුම වෙති. එය සැබෑවකි. ඇතැම් පුද්ගලයන් තම ගැටලු විසඳා ගන්නා අතරම තවත් පිරිසක් ඒ ආබාධිත තැනැත්තා තව තවත් පීඩාවට පත් කරන අවස්ථා අසන්නට දකින්නට ලැබුණි. මෑතකදී මුහුණුපොත ඔස්සේ පළ වූ කෙටිකතාවක් ලියවී තිබුණේ දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු සම්බන්ධයෙන්ය. නමුත් එහි වූ දුර්වලතා පෙන්වා දුන්නද ඔහු ඒවා පිළිනොගත් අතර සැකසිය යුතු තැන් පෙන්වූ දෘශ්‍යාබාධිත පාඨකයා තවත් අසරණ කර ඇත.

තවත් එක් කාරණයක් නොකියාම බැරිය. එනම් සමාජයේ දුර්වලතා, පුද්ගල දුර්වලතා දුටු විට අන්ධයන්, ගොළුවන් බීරන් වැනි වදන් භාවිතය සමාජය තුළින් තවමත් ඈත් නොවීමයි. විශේෂයෙන් මෑතකදී අවස්ථා කිහිපයකදීම දේශපාලනඥයන් තම විරුද්ධවාදීන්ගේ ක්‍රියාකාරීත්වය සම කිරීම සඳහා උපමා කර ගත්තේ ‘අඳ, ගොළු, බිහිරි’ යන වදන්ය. මා දන්නා එක් පැහැදිලි සත්‍යයක් නම් අප රටේ වෙසෙන ඔය කී පුද්ගලයන්ට වඩා අඳ ගොළු තැනැත්තන් අවධියෙන් සිටින බවය. අවධානයෙන් සිටී. ඒ වගේම ඔවුන් කල්පනාකාරී බුද්ධිමත් පිරිසකි.

ඉදින් අප මේ ගැටලු පිළිබඳව කතා කිරීමේදී සමාජ ආකල්ප පළමුව වෙනස් කළ යුතුය. එහිදී පූජකවරුන්, ප්‍රසිද්ධ දේශකවරු වගේම සාහිත්‍ය සහ කලා නිර්මාණ යොදා ගැනීම ඵලදායි විය හැකිය. සමාජය තුළ පවතින දුර්මත ඉවත් කළ යුතු අතර සරලවම කිවහොත් සමාජය තුළ වෙසෙන සෘණාත්මක ආකල්ප දරන පුද්ගල මොළ සේදිය යුතු යැයි සිතේ. මන්ද ඇතැම් මත වෙනස් කිරීමටත්, තවත් මත සහ ආකල්ප සමාජය තුළට ගෙන යාමටත් සාහිත්‍යය සහ කලාව උපයෝගී කරගත් අවස්ථා ඕනෑ තරම් සොයා ගත හැකි වීම නිසාය.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා