යුද්ධයකින් විනාශ වී ගිය රටක් ගොඩනැඟූ රුවන්ඩා උදාහරණය

 ඡායාරූපය:

යුද්ධයකින් විනාශ වී ගිය රටක් ගොඩනැඟූ රුවන්ඩා උදාහරණය

අපේ දේශපාලකයෝ සියල්ල හැරී බැලිය යුත්තේ අප්‍රිකානු මහද්වීපයේ රටවල් දෙසටය. එයිනුත් ඉතා සීඝ්‍ර දේශපාලනික, ආර්ථික හා සාමාජයීය ප්‍රගතියක් කරා යමින් සිටින රුවැන්ඩාව දෙසටය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද තත්ත්වයෙන් මිය ගිය මිනිසුන් ප්‍රමාණය 1971 සිට 2018 තෙක් බැලුවත් ලක්ෂයකට හෝ ඊට ටිකක් වැඩි අගයක් ගනු ඇත. අපේ රටේ දේශපාලකයා බලය ගත්තේද, නැවත බලයට එන්නේද ඒ මිය ගිය මිනිසුන් විකුණාගෙන කෑමෙන්ය. නැවත යුද්ධයක් ඇතිවිය හැකියැයි ජනතාව බියට ‍පත්කරමිනි. යුද්ධය නැමති සංකල්පය මිනිස් සංතානයෙන් බැහැර කිරීමට ඔවුන්ට කිසිඳු අදහසක් නොමැත. එහෙත් රුවන්ඩාවේ 1990 සිට 1994 දක්වා පැවති ජාතිකවාදී සිවිල් යුද්ධය එරට පළමු දින සියය තුළ පමණක් මිනිසුන් දස ලක්ෂයක් මරා දැමීය. තුන් ලක්ෂ තිස් හයදහසක් ‘හුටු’ නමැති ජනවර්ගය අනාථ කඳවුරු කරා දක්කනු ලැබීය. ඒ ජුවාන් හබාරිමානාගේ පාලන තන්ත්‍රය රුවන්ඩා රාජ්‍ය පාලනය කළ සමයයි. 1993 අවසානයේදී ‘හුටු’ සහ ‘ටුට්සී’ ජනවර්ගවල එකඟතාවෙන් යුද්ධය සහමුලින් නැවත්වූ අතර 2003දී එහි ඡනාධිපතිවරයා වශයෙන් පත්විය.

කගාෙම් සියලු යුද අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරූ අතර සියලු යුද්ධයෙන් අනාථවූවන්ට රැකවරණ සැලසීය. හේ සිය පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී නියෝජනය පුරුෂ නියෝජනයට වඩා ඉහළ දැමූ අතර සියලු ඉහළ රාජ්‍ය තනතුරු සඳහා ස්ත්‍රීන් කැඳවීය. ඔහු ඒ තුළින් අපේක්ෂා කළේ රුවන්ඩියන් ගැහැනිය පිරිමියා හා සම තත්ත්වයට ගෙන ඒමට ගත් උත්සාහයත්, පුරුෂයන් අත තිබූ දේශපාලන හා ආයතනික බලය ස්ත්‍රීන් අතට දී රාජ්‍යයේ හොරකම වංචාව හා දූෂණයට තිත තැබීමත්, රාජ්‍යයේ ප්‍රචණ්ඩත්වය කරා ගෙන යන අශීලාචාර දේශපාලනය අවසන් කිරීමටත්ය. එය අද වන විට අතිශය සාර්ථකය. 2018දී රුවන්ඩා පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 64%කි. රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ එවැනි ස්ත්‍රී නියෝජනයක් ඇති ලෝකයේ පළමු රට හා එකම රට එයයි. එය ආදර්ශයට ගනිමින් ඉතියෝපියාවද තම පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී නියෝජනය 50% දක්වා ගෙනැවිත් ඇත.

රටේ ආර්ථික වර්ධනය උදෙසා අධ්‍යාපනයේ ඇති වටිනාකම සහ අගය රුවැන්ඩියානු පාලකයෝ මනාව හඳුනති. 4වැනි ශ්‍රේණියේ සිට ඔවුහු තම දරුවන්ට ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රංශ භාෂාව උගන්වති.

2017 වන විට තිබූ 4.7ක් වූ සිය ආර්ථික වර්ධන වේගය 2018 සැප්තැම්බරය වන විට 7.2 දක්වා ගෙන ආ රුවන්ඩාව නිවසක් නැති සිය රට වැසියාට නිවෙසක් ලබාදීමේ සුවිසල් උත්සාහයක යෙදී සිටී. වර්ගවාදය හෝ ජාතිවාදයේ ලකුණක් හෝ ඉතිරි නොකරමින් එක් ජාතියක් සේ ඔවුහු සිය රට ගොඩනැඟීමට වෙහෙස වෙමින් සිටිති.

ඔවුන්ගේ ඉලක්කය 2012 සිට 2022 වන විට ජනතාවගේ ක්‍රය ශක්තිය අනුව මිලදී ගත හැකි නිවාස තුන් ලක්ෂ හතළිස් හතර දහසක් ඉදිකිරීමටය. මේ වන විට ඉන් අඩක් නිමා කර ඇති අතර 2017දී රජය සිය නිවාස ප්‍රතිපත්තිය වෙනුවෙන් මධ්‍යම ප්‍රමාණයේ ගොඩනැගිලි විසි දෙදහසක් වෙනුවෙන් හෙක්ටයාර් 257ක් ලබාදී ඇත. 2017 රුවන්ඩාව විදෙස් සංචාරකයන් මිලියන 1 .17 ක් රටට ගෙන්වා ගත් අතර ඉන් රාජ්‍යය ලැබූ ආදායම ඩොලර් මිලියන 440කි.

[උපාලි ජයසිංහ]

මාතෘකා