මතවාදයකට තුඩුදුන් ඡායාරූපයේ කතාව

 ඡායාරූපය:

මතවාදයකට තුඩුදුන් ඡායාරූපයේ කතාව

මේ  මේ දිනවල මුහුණුපොත පුරාම දැඩි ලෙස කතා බහ කරන ඡායාරූපය. මේ ඡායාරූපය දකින ඕනම කෙනෙකුගේ සිත් සංවේදි නොවෙනව නම් එය විශාල ගැටලුවක්.  
මුලාශ්‍ර කිහිපයක්ම කියවීමෙන් පසු එම කරුණු ගොනු කර මෙම කතාව ලිවිමට තීරණය කළෙමි. මුලාශ්‍ර වල අයිතිය ඔබ මෙය උපුටා ගන්නවා නම් තහවුරු වෙනු ඇතැයි සිතමි.
මේ සිදුවීම වාර්තා වන්නේ මේ වන විට මිහිපිට අපායක් බඳු, සිරියාවෙනි. ඒ 2014 වසරේ දීය.


 සිරියාවත් තුර්කියත් අතර දේශසීමාව අසලට වන්නට කේසාබ් නුවර පිහිටා ඇත. ඇමෙරිකානු ක්‍රිස්තියානින් බහුතරයක් ජීවත්වන ප්‍රදේශයකි. සිරියානු කැරලිකරුවන් බලහත්කාරයෙන් යටත් කරගෙන සිටින අතර , ප්‍රදේශයේ තිබූ ක්‍රිස්තියානු පල්ලි හා ජනතාවගේ දේපල හා ධනය ඔවුන් විසින් මංකොල්ල කෑමට පටන් ගත් බවත් ප්‍රසිද්ධය.
කේසාබ් වල පවුල් දෙදහසක් පමණ ජීවත්වන අතර ඉන් බොහෝ පිරිසක් පලායෑමට සමත් වූවත් තවත් පිරිසක් සිරියානු කැරලිකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවටත් පත් විය.
නමුත් මේ ඡායාරූපයේ කතාව සමඟ වෙනස් කතාවක් පවතී. මෙය එක්තරා ආකාරයක ප්‍රෝපගැන්ඩාවක් (propaganda) යැයි ද සලකනු ලබයි. මෙම ඡායාරූපයේ සත්‍ය අසත්‍යතාව තවමත් හෙළි වී නැති අතර, මෙය අසාද් පාලන තන්ත්‍රයට සහය පළ කරන අන්තර්ජාල කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද්දක් බවට මතයක් පවතී.


අසාද් පාලන තන්ත්‍රය, ත්‍රස්තවාදයට එරෙහිව කරන අරගලය නිවැරදි බව පෙන්වීම සඳහා ගත් වෑයමක් බව මේ ඡායාරූපය කෙරෙහි චෝදනාවක් පවතී. මෙය 2014 වර්ෂයේ සිරියානු ඡන්දය ආසන්නයේ නිකුත් වීම තවත් විශේෂත්වයකි. කෙසේ වුවත් තවමත් මෙහි සත්‍යතාව පිළිබදව ගැටලු පවතී.
මෙහි සත්‍යතාව හෙළි වූවහොත් එය තවත් ජිවිත විශාල සංඛ්‍යාවක අවසානයක් වනු ඇති බවටද වාර්තා වේ.
මෙය සිරියානු කැරලිකරුවන්ගේ සමාජජාල අඩවි තුළ මුලින්ම පළවූණේ කේසාබ් නුවර තමන්ගේ යටතේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරුවා යන තේමාව යටතේයි.
මෙයට බොහෝ ප්‍රතිචාර සමාජ ජාල වෙබ් අඩවි තුළ විවිධ ප්‍රචාරයන් සහිතව ව්‍යාප්ත වූ අතර පිරිසක් මෙය සත්‍යය කතාවක් ලෙසත් මෙය නිවැරැදි ඡායාරූපයක් බවත් පිළිගනී, තවත් පිරිසක් මෙය අසාද් පාලනය කැරලිකරුවන්ට එරෙහිව ගෙන යන සටන නිවැරැදි යැයි කීමට ගත් උත්සහයක් බවත් කියයි.


කැරැලිකරුවන් පවා මෙය ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ සමාජ ජාල වෙබ් අඩවි තුළ මේ පිළිබදව අරාබි භාෂාවෙන් සටහන් තබා ඇත. නමුත් බෂාර් අල් අසාද් පාලනයට සහය දක්වන සමාජ ජාල කණ්ඩායම් මේ ඡායාරූපය ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි තුළ පතුරුවමින් සිටින බව සඳහන් වේ.
බොහො දෙනා පවසන්නේ මෙය අසත්‍යයක් නම් මෙම ඡායාරූපය බෂාර් අල් අසාද් ජාත්‍යයන්තරයෙන් ඔහුගේ පාලනය එල්ල වී ඇති පීඩනයෙන් මිදීමට හා තමන්ගේ සටන නිවැරැදි බව පෙන්වීම උදෙසා කරන ලද එක් දේශපාලනික මුළාවක් වනු ඇති බවත්, ඔහුගේ පාලනයට ජාත්‍යයන්තර සහය ලබා ගැනීමේ අරමුණ ඇතිව කරන ලද එක් උපායක් පමණක් වනු ඇති බවත් බොහො දේශපාලනික විචාරකයන් පවසා ඇත.
කෙසේ වෙතත් පටු දේශපාලනික අරමුණු උදෙසා දරුවෙකුගේ හිසට ගිනි අවියක් එල්ල කිරීම කෙලෙසවත් සාධාරණී කරණය කළ නොහැකිය. එසේ සිදුවෙන පාලන තන්ත්‍රයක් වහාම බිඳ වැටිය යුතුය. බෂර් අල් අසාද් පාලනයට පැමිණෙන්නේ 2000 වසරේ තමන්ගේ පියාගේ මරණයත් සමඟයි. දිගින් දිගටම තමන්ගේ බලය දිර්ඝ කරගනිමින් ගෙන යන පාලනය නිසාම 2011 මාර්තු 15 වෙනිදා සිරියාව තුළ යුද ගිනි අවුලුවාලමින් සිවිල් යුද්ධයක් හට ගත්තේ අසාද් පාලනය බිඳ වැට්ටවීමේ අරමුණ ඇතිවය.


නමුත් යුද්ධය නිසා 2017 දෙසැම්බර් පමණ වන 481,612ක් පමණ වූ සිරියානු කාන්තාවන්, දරුවන්, පිරිමින් ජිවිතක්ෂයට පත්ව ඇති බව සදහන් වේ.
මෙම ඡායාරූපයේ සත්‍ය අසත්‍යතාවය තවමත් පවතින්නේ අවිනිශ්චිතවයි.

[සංජේ රණවක]
ඡායාරූපය - Google Image/Pinterest
මුලාශ්‍ර - Dailymail, Wikipedia, Voice Of The Persecuted,
             Jacky Laxmi, I am Syriacol

මාතෘකා