සත්‍ය ප්‍රේමය බලයයි බලය විතරමයි

 ඡායාරූපය:

සත්‍ය ප්‍රේමය බලයයි බලය විතරමයි

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මම මගේ කාරිය තවමත් ඉගෙන ගනිමින් සිටිමි. මම නිතිපතාම පාඩම් සඳහා කෑන් ෂෙන්ගේ නිවසට පැමිණෙමි. සමහර පාඩම් දුෂ්කරය. එය හරියට පාද ලබාගන්නට සුරංගනා කතාවේ එන දියකිඳුරියට බොන්ට දුන් වස වගේය. කියත් තල මෙන් කැපෙන ශක්තිමත් තටු ලබාගනු සඳහා මම කෑන්-ෂෙන් දෙන ඕනෑම දෙයක් බොමි. ඔහුගේ නිවස කෞතුකාගාරයකි. කොටි මුහුණක් ඇති බිරිඳ චා ඕ යි-අවුල ඔහුගේ ව්‍යාපාරයේ හවුල්කාරියයි. මේ යුවළ ජීවත් වන්නේ බටහිර මාවත කෙළවර ගල් පාලම් පටු මඟේ 24 ස්ථානයේ ඩියාන්මෙන්හි පිහිටා ඇති පෞද්ගලික මාළිගාවකය. පිටතින් එයට ඇත්තේ සාමාන්‍ය පෙනුමකි. එහෙත් ඇතුළත ඔවුන් උදෙසාම තැනුණු දිව්‍ය ලෝකයකි. මෙම මාළිගයෙහි එක් අංගයක් නම් මිනිසුන් විසින් තනන ලද නිවස පිටුපස පිහිටි කන්දකි. එය වටකරගෙන ඇත්තේ උණගස් වනාන්තරයකිනි. ඒ වූ කලී චින් රාජ්‍ය සමයේ සී-සී අධිරාජිනියගේ දකුණත් මිනිහාද පණ්ඩකයන්ගේ ප්‍රධානියාද වූ අන්ඩෙහායිගේ නිවසය. මේ නිවස සොල්දාදුවන් හමුදාවක් විසින් රැකබලා ගනු ලබයි.

කෑන්-ෂෙන් රහස හෙළි කරන්නේ මේ නිවසේ පහළ මාලයේ මැද ඇති ඔහුගේ පාෂාණ එකතුව ළඟ සිටය. ඔහුගේ අදහස් සහ ඔහුගේ උගුල් හෙවත් ප්‍රායෝග. සිය චරිතය තුළ වන ගින්නත් ලෝහයත් අනාවරණය කරමින් ඔහු මවිසින් ඉගෙනගත යුතු සහ ඉගෙන නොගත යුතු සියල්ල කියා දෙයි. අමරණීයත්වය උදෙසා මවිසින් හුවමාරු කරගත යුතු විඳදරාගත යුතු දෙයද ඔහු මට අවසානයේදී කියා දෙන්නේය.

මගේ කන ඉතා සීරුවෙන් සෝදා ඇති බැව් පවසන මම ඔහුට සවන්දීගෙනම සිටිමි. ඉනික්බිතිව කෑන්-ෂෙන් ඒ සෝදා හළ කන්වලට වස වත්කරන්ට පටන්ගනියි. කළු විස. භයංකාර වචනවල දියරය. ඒවා පිළිබඳ විස්තර සහ කරුණු කාරණා සිය නොසැලෙන කටහඬින් ස්ථාවර රිද්මයෙන් පවසන ඒ වදන්වල දියරය මගේ කන් හරහා උගුරටද හදවත පතුලටද ගලා යෙයි.

ඒ මා ඕ ගැනය. දීර්ඝායුෂ ලබන්ට ඔහු කරන අභ්‍යාසය ගැනය. මෙතන තියෙනවා ඔහු දූෂණය කළ කන්‍යාවන්ගේ සංඛ්‍යාව. ඔහුට ඔවුන් සපයන්නාගේ භූමිකාව රඟපාන්ට සිදුවීම ගැන මම කනගාටු වෙනවා. ඒක මගේ රාජකාරිය. ඔබ මේක තේරුම්ගන්ඩ ඕනෑ. මං ඔබට දෙන මේ තොරතුරු ගැන කිසිම සද්දයක් නොකරන්ට වගබලාගන්ඩත් ඕනෑ. මං ආරක්ෂා කරන්ඩ හදන්නෙ ඔබේ ජීවිතය. මේ කන්‍යා දූෂණයට මාඕගෙ තියෙන අවශ්‍යතාව ඔබ වටහාගන්ඩත් ඕනෑ. ඔබ ෆෙයාලින් සමඟවත් ඒ වාගෙ අනිත් ගෑනු සමඟ සංසන්දනය කර බලන්ඩ එපා. ඒකෙ තේරුමක් නෑ. ඔබ අධිරාජිනියක් තවත් යෝනි මාර්ගයක් නෙමෙයි. ඔබේ සැබෑ ෙප්‍ර්මවන්තයා වෙන්නේ මා ඕ නෙමෙයි. අධිරාජයායි. මා ඕ ඒ අධිරාජයාගෙ ඇඳුම් ඇඳගෙන ඉන්නවා විතරයි. ඔබේ සත්‍ය ෙප්‍ර්මය බලයයි. ඔව් බලයම විතරයි.

මම ඔබේ මිත්‍රයා නොවෙයි නම් මං මේක ඔබට කියන්නෙ නෑ. ඒ වගේම එය ඔබට හොඳයි කියල හිතුණු නිසයි මම කිව්වෙ. ඔබ මෝඩ ගෑනියෙක් නොවන හින්දයි මම මේ කාරණය කිව්වෙ. මම මේ කාරණා ඔබට කියන්නෙ ඉතාම සුළු ප්‍රාග්ධනයකින් මේ සූදුව කරන හැටි ඔබට පුළුවන් නිසයි. ඔබේ තත්ත්වයට තර්ජනයක් නොවන්ඩයි මම කටයුතු කරන්ඩ වැයම් කරන්නෙ. මා ඕගෙ ඇඳ ළඟින් යන එන හැම කෙනෙක් ගැනම මම ඇහැ ගහගෙනයි ඉන්නෙ. මා ඕ හැමදාම නිදාගන්නෙ වෙනත් ගෑනු එක්ක. ඒ සංඛ්‍යාව ගණන් කරල දක්වන්ඩ බෑ. ඒක ගිලදාන්ඩ වලාකුළු අතර ඉන්න මගෙ පුංචි කෙකිනියෙ ඒක ගිලදාන්ඩ.

සී-ෂෙන් ගිලණු ජලය මත පාවෙන්ඩ වැයම් කරන්න. එය ඔහු දෙන බෙහෙත් තුණ්ඩුවක් පමණි. ඒ යින් නමැති මූල ජීව බීජය උරාගනු සඳහාය. මා ගමෙන් ගෙන එන කන්‍යාවන්ගේ යෝනි තුළට ඔහු විනිවිදිනවා. ඊට පස්සෙ තවදුරටත් කන්‍යාවන් නොවන ඔවුන්ගේ වගකීම් බලා කියාගන්ට වෙන්නෙත් මට තමයි. ආයෙත් වරක් ඒක මගෙ රාජකාරිය.

ඔබ හරිම කදිමයි ජියෑන් චින්. ඔබ පීනාගෙන යන්නෙ බොහොම පහසුවෙන්. යස අපූරුවට ඔබ සාගරය තරණය කරල අවසානයි. වෙරළ ඒ තරම් දුර ඈතක නෙමෙයි.

පිටත වියළි කොළ පෑගී පොඩි වෙයි. ජියෑන් චින් නිශ්චලත්වයේ උද්‍යානයට පැමිණ සිටියි. ඇය ඇඳ ඇතිිරිලි සහ කොට්ටාවලට යට වී සිටින්නීය. කැන්-ෂෙන්ගේ යටි මහලේදී ඇය සතුව තිබුණු අන්තිම චිත්තසාමයද නැතිව යන්නේය. දැන් ඇයට නිදාගන්ට බැරිය. ඇයට පුපුරන ශබ්ද ඇසෙන්නට වෙයි. හරියට හිස් කබල පුපුරා වෙන් වන්නාක් මෙනි. ඇයගේ මනස තුළට අතිදැවැන්ත සතුන් සමූහයක් ඇවිදින්ය.

අරුණ නැෙඟන විට සිය නහරවැල් දැවී යනු ඇයට දැනෙන්ට වෙයි. ඇය අවදි වන්නීය. කිසිවක් වටහාගන්ට දැන් ඇයට ඕනැකමක් නැත. ඇයට සැහැල්ලුවක් දැනෙතුද ඇය සිටින්නී වික්ෂිප්තවය. වාෂ්පයෙන් තැම්බූ කැස්බෑ මස් සමඟ විෂ මිශ්‍ර කළ ජින්සෙන් සුප් කළයක් මා ඕගේ අනියම් බිරින්දෑවරුන් වෙත යවන්නට ඇයට සිතෙයි.

මාතෘකා