බස්-වෑන් රිය එකිනෙක ගැටී 14ක් රෝහලේ

 ඡායාරූපය:

බස්-වෑන් රිය එකිනෙක ගැටී 14ක් රෝහලේ

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නගරය අාසන්නයේදී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් තුවාලකරුවන් 14 දෙනෙකු ඊයේ (28) වැලිකන්ද රෝහලට ඇතුළත් කකර තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මඩකලපුව කාත්තන්කුඩි සිට පොළොන්නරුව දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා කටුනායක සිට එරාවුර් දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් වේ. වැලිකන්ද නගරය යනුවෙන් සඳහන් කර ඇති නාමපුරුව අසල (රතු බෝක්කුව අසලදී) මෙම අනතුර සිදුව ඇත. අනතුර හේතුවෙන් වෑන් රථයේ ගමන් ගත් සහ බස් රථයේ ගමන් ගත් දෙපිරිසම තුවාල ලබා 14 දෙනෙකු රෝහල්ගත කළ බව පොලිසිය පැවසීය. වෑන් රථයේ රියදුරුගේ පාදයකට බරපතල හානි සිදුව ඇති අතර බරපතල තත්ත්වයේ පසු වූ තුවාලකරුවන් පොළොන්නරුව මහ රෝහලට යැවීමට කටයුතු කර තිබේ.

මැදිරිගිරිය සමුහ [ඩබ්.ඒ. පියතිලක]

News Order: 
9
මාතෘකා