රජයේ වැට් සහනය භාණ්ඩ 5555කට

 ඡායාරූපය:

රජයේ වැට් සහනය භාණ්ඩ 5555කට

වත්මන් රජය ලබා දුන් වැට් බදු සහනය පාරිභෝගික භාණ්ඩ 5555කට මේ වන විට හිමිව ඇතැයි රජය පවසයි.

මෙරට පිහිටා ඇති ආයතන 50ක් වැට් බදු සහනය භාණ්ඩ වෙත ලබා දෙන බවට පාරිභෝගික අධිකාරියට දන්වා ඇති බවත් යම් හෙයකින් කවුරුන් හෝ එම සහන ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එනිසා එම සහන ලබාදෙන ලෙසත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේව්ර්ධන මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අදාළ ආයතන යම් විදියකින් අසත්‍යයක් කියා ඇත්නම් හෝ ව්‍යාපාරිකයන් ඊට අනුගත නොවී කටයුතු කරන්නේ නම් වහාම වැටලීම් කර එම සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

[නුවන් කොඩිකාර]

News Order: 
6
මාතෘකා