පාරිසරික ප්‍රතිපත්ති හා නීතිරීති යාවත්කාලීන කිරීමට පියවර

 ඡායාරූපය:

පාරිසරික ප්‍රතිපත්ති හා නීතිරීති යාවත්කාලීන කිරීමට පියවර

පරිසර හානිය වැළැක්වීම සඳහා වර්තමානයට ගැළපෙන පරිදි සියලු පාරිසරික ප්‍රතිපත්ති හා නීතිරීති යාවත්කාලීන කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තිරසර පරිසර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගැනෙන බවත් එමගින් සමබර සමාජ, ආර්ථික පුරුදු ක්‍රියාවට නැංවෙන බවත් ඇමතිවරයා පැවසුවේ සිය විමධ්‍යගත අරමුදලින් නිම කළ මඩවල ඒකාබද්ධ විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය විවෘත කිරීමේ අවසථාවට සහභාගි වෙමිනි.

ඇමතිවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

"අද අපේ රටේ වනගහනය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. මේ තත්ත්වයට අපි හැමෝම වගකියන්න ඕනේ. පරිසරය ආරක්ෂා කිරීම සදහා විවිධ අණපනත්, නීතිරීති තිබුණත් ඒ සියලු නීතිරිතිවලින් රිංගා ගොස් ඇතැමුන් මේ වන විනාශය සිදු කරන බව පේනවා. මේ තත්ත්වය වැළැක්වීම සඳහා අපේ ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසයි අපි තීරණය කළේ දැනට රට තුළ පවතින සියලුම පාරිසරික ප්‍රතිපත්ති හා නීතිරීති යාවත්කාලීන කිරීමට. මේ ප්‍රතිපත්ති හා නීතිරීති යාවත්කාලීන කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. ඒ ප්‍රතිපත්ති හා නීතිරීති දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි."

[ශිවන්ති ප්‍රනාන්දු]

News Order: 
8
මාතෘකා