රන්ජන් අත්අඩංගුවට

 ඡායාරූපය:

රන්ජන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ (14) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනිණි. ඒ නීතිපතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය මගින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුවය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා එම වරෙන්තුව නිකුත් කළේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් අතර සිදු වූවායැයි කියන දුරකථන සංවාද මෑතකදී මාධ්‍ය මගින් ප්‍රචාරය වූ අතර එම සංවාද පරික්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි කටයුතුවලට අනිසි බලපෑමක් සිදු කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. අත්අඩංගුවට පත් වු රන්ජන් රාමනායක මහතා අද (14) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

News Order: 
1
මාතෘකා