පැලවත්ත, අකුරේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය අද ජනපති අතින් විවෘත වේ

 ඡායාරූපය:

පැලවත්ත, අකුරේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය අද ජනපති අතින් විවෘත වේ

අති නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරේ.

යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වැනි දිනය. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මකය. අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධය

[ශ්‍යාමලී නිශාන්ති]

 

News Order: 
18
මාතෘකා