දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට කොටසක් විවෘත කරයි

 ඡායාරූපය:

දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට කොටසක් විවෘත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ දිගුවෙහි තුන්වැනි අදියර ඊයේ (7) දින මහාමාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය.

මේ ආකාරයෙන් විවෘත කෙරුණු කොටස සඳහා බරවකුඹුක සිට අන්දර වැව හරහා හම්බන්තොට දක්වා වූ කිලෝමීටර් 33ක කොටස හා බරවකුඹුක සිට අන්දර වැව හරහා මත්තල දක්වා වූ කිලෝමීටර් 22ක කොටස ඇතුළත් වේ.

මෙහිදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ මෙහි ඉදිකිරීම් හේතුවෙන් යම් පාර්ශ්වයක් සඳහා අගතියක් වී තිබේ නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ඒ වෙනුවෙන් විරෝධතාවන් නොපවත්වන ලෙසත්ය. එමෙන්ම ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

[රාහුල් සමන්ත හෙට්ටිආරච්චි]

 

News Order: 
15
මාතෘකා