පුලස්තිපුර එජාප ආධාරකරුට ප්‍රහාරයක්

 ඡායාරූපය:

පුලස්තිපුර එජාප ආධාරකරුට ප්‍රහාරයක්

එක්සත් ජාතික පාක්ෂිකයෙකුට අයත් ත්‍රීරෝද රථයක් පෙරේදා (6) මධ්‍යම රාත්‍රියේදී කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බවට පුලස්තිපුර පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබේ.

මෙසේ ගිනිතබා විනාශයට පත් කර ඇත්තේ පුලස්තිපුර පදිංචි වයි. එම්. සෙනෙවිරත්න යන අයට අයත් ත්‍රිරෝද රථයකි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ත්‍රීරෝද රථයේ හිමිකරු වන වයි. එම්. සෙනෙවිරත්න කියා සිටියේ පෙරේදා රාත්‍රී 12.00ට පමණ මෙම ගිනිතැබීම සිදු කර ඇති බවයි. වතුර යොදා එය නිවීමට සූදානම් වුවත් ඒ වනවිටත් ත්‍රීරෝද රථයන ගිනිගෙන අවසන් බව ඒ මහතා පැවසීය. එසේම මේ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කාර්මික දෝෂයකින් තොරව ත්‍රීරෝද රථය ගිනිගෙන ඇති බවයි. එසේම කිසියම් පාර්ශ්වයක් විසින් පැට්රල් දමා ගිනිතබා ඇති බවද ඒ මහතා පැවසීය.

“මම ප්‍රබල එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්. පසුගිය 4 වැනිදා මැදිරිගිරියේ තිබුණ සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමටත් ගියා. සමහරවිට මගේ දේශපාලනය මුල් කර ගෙන මෙය සිදු කළා විය හැකියි.” යැයි පැවසීය.

[ඩබ්ලිව්. ඒ. පියතිලක]

News Order: 
7
මාතෘකා