එක්නැලිගොඩ පැහැර ගැනීම: හතකට අධි චෝදනා ගොනු කරයි

 ඡායාරූපය:

එක්නැලිගොඩ පැහැර ගැනීම: හතකට අධි චෝදනා ගොනු කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් 7 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දප්පුල් ද ලිවේරා මහතා විසින් කටයුතු කර තිබේ.

ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ටී. කේ. රාජපක්ෂ, ඩිලන්ජන් උපසේන, එස්. කේ. උළුගෙදර, රවීන්ද්‍ර රූපසේන සහ හේමචන්ද්‍ර පෙරේරා යන නිලධාරීන්ට එරෙහිය මෙසේ අධිචෝදනා ගොනු කර තිබේ.

News Order: 
5
මාතෘකා