සරත් ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනියි

 ඡායාරූපය:

සරත් ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනියි

තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (9) කැබිනට් රැස්වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සමාව ගෙන ඇත.

තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු සමග ජනාධිපතිවරයා වෙත ගොස් ඇති ෆීල්ඩ් මාර්ෂල්වරයා, නව ඇමැති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ජනාධිපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් මෙසේ සමාව ඉල්ලා ඇත. පසුගිය 06 වැනිදා පැවැත් එක්සත් ජාතික පක්ෂ මැයි රැළියේදීද ෆීල්ඩ් මාර්ෂල්වරයා විසින් ජනාධිපතිවරයා විවේචනය කර තිබිණි. මෙසේ දිගින් දිගටම ජනාධිපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසක්ද සරත් ෆොන්සේකා ඇමැතිවරයාට අප්‍රසාදය පළ කර තිබිණි.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා