මහමැතිවරණයක් ඉල්ලා ලක්ෂ 5ක පෙත්සමක්

මහමැතිවරණයක් ඉල්ලා ලක්ෂ 5ක පෙත්සමක්

මහමැතිවරණයක් පැවැත්වීමට බල කර සිටීමේ අත්සන් පන්ලක්ෂයේ පෙත්සම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව බාර දීම නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (06) සිදු කෙරිණි. පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද එම පෙත්සම මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් අතර මෙම අවස්ථාව සඳහා ඕමාරේ කස්සප ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක හිමියන්, ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද හිමියන්, පැවිදි හඬ සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, දේශ විමුක්ති ජනතා පෙරමුණේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියන් ඇතුළු මහා සංඝයා වහන්සේලා විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

අගමැතිවරකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැතිව රට අරාජික වී ඇති බවත්, මේ අරාජික තත්ත්වය හමුවේ රට වෙනුවෙන් සංඝයා වහන්සේලා නිරන්තරයෙන් ඉදිරිපත් වන බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති සහ පැවිදිහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අනුශාසනාවක් කරමින් කියා සිටියහ.

 

මාතෘකා