කොරොනා වෛරසය පැතිරීම වැළැක්වීමට 15 දෙනකුගෙන් යුත් ජාතික ක්‍රියාකාරී කමිටුවක්

 ඡායාරූපය:

කොරොනා වෛරසය පැතිරීම වැළැක්වීමට 15 දෙනකුගෙන් යුත් ජාතික ක්‍රියාකාරී කමිටුවක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබා දී ඇත.

මේ අනුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළව නිලධාරීන් 15 දෙනකුගෙන් යුත් කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත් කර ඇත. මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස් සහ ලක්ෂ්මි සෝමතුංගු, වෛද්‍ය නිහාල් ජයතිලක සහවිශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ආදීහු මෙම කමිටුවේ සිටිති. එසේම ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින්බ්‍රිගේඩියර් වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර, වෛද්‍ය පබා පළිහවඩන, වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර,ගුවන්තොටුපළ සමාගමේ සභාපති ජනරල් ජී. ඒ. චන්ද්‍රසිරි සහ ආගමන විගමන දෙපාර්තමේන්තු පාලකවරයාද ඊට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
3
මාතෘකා