කොරෝනා වෛරසය පැතිර යෑම අසාමාන්‍ය ලෙස ඉහළට

කොරෝනා වෛරසය පැතිර යෑම අසාමාන්‍ය ලෙස ඉහළට

චීනයේ කොරෝනා වෛරසය පැතිර යන වේගය අසාමාන්‍ය අන්දමින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන බලධාරීන් පෙන්වා දෙන්නේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙතද මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවයි. දැනට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති අතර එම ආසාධිතයන් අතරට බීජිං, ශැංහයි සහ ෂෙන්සෙන් නගර වැසියෝද අයත් වෙති. එසේම මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 03 දෙනකු මේ වන විට මියගෙස් තිබේ.

ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාවෙන්ද කොරෝනා වෛරසය ආසාදනය වූවන් වාර්තා වන අතර චීන රජය තහවුරු කර සිටියේ එය ආසාදනය වීමෙන් නිව්මෝනියා තත්ත්වයක් හටගන්නා බවත් එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයකුට වැළඳීමේ හැකියාවද පවතින බවත්ය. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නව වෛරසය සාර්ස් වෛරසයට බොහෝ සමානකම් පෙන්වන බවය. මේ හේතුවෙන් සතුන් අනාරක්ෂිත ලෙස ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් මස් සහ බිත්තර හොඳින් පිසින ලෙසත් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.

[ෆර්හාන් නිසාම්දින්]

News Order: 
6
මාතෘකා