මහනුවර දේවාලයකින් රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට

 ඡායාරූපය:

මහනුවර දේවාලයකින් රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට

ඊයේ (25) අළුයම මහනුවර ප්‍රදේශයේ දේවාලයකින් රුපියල් ලක්ෂ 500කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ කොල්ල කා තිබේ.

එම මාර්ගය අවට CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ පෙරවරු 3.45ට පමණ මහනුවර, තලාතුඔය, ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක සිදු වී ඇති මෙම සිද්ධියට කොල්ලකරුවන් 6 දෙනෙකු පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි. ඒ අවස්ථාවේ දේවාලයේ සිටි අය බියගන්වා, අත් පා ගැටගසා මුදලින් රුපියල් ලක්ෂ 04ක් හා කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණ කොල්ල කා සැකකරුවන් පලා ගොස් ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තලාතුඔය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය මාර්ගය දෙපස CCTV දර්ශන පරීක්ෂා කර තිබේ. ඒ අනුව ලැබුණු තොරතුරු මත සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සොයාගැනීමට හැකිව ඇත. වැඩිදුර විමර්ශනවලින් අනතුරුව කොල්ලකරුවන්ගෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 500කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණ සොයා ගෙන ඇත. මෙසේ කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණ සොයා ගැනීමට හැකි වුවද කොල්ලකෑ රන් ආභරණවල මුලු බර කිලෝග්‍රෑම් 12කට අධික බව එම දේවාලයේ පූජකවරයා පවසයි. තලාතුඔය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.