හික්කඩුවේදී අතුරුදහන් වූ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලෙන් සොයා ගැනේ

 ඡායාරූපය:

හික්කඩුවේදී අතුරුදහන් වූ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලෙන් සොයා ගැනේ

හික්කඩුවේදී අතුරුදන් වූ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ල, දනාගම නිවසක සිටියදී සොයාගෙන තිබේ.

එම නිවසේ සිටි 21 හැවිරිදි තරුණයෙක්ද මාවනැල්ල පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. දැරියන් දෙදෙනා පොළොන්නරුව ප්‍රදේශයට ගොස් නැවත මාවනැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවට සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් ලබාගත් තොරතුරු මත මෙම දැරියන් සොයාගෙන ඇත.

පසුගිය 16 වැනිදා පෙරවරු 10.20ට පමණ හික්කඩුව, අමරසේන මාවතේ පදිංචිව සිටි මෙම 14 හැවිරිදි නිවුන් දැරියන් නිවසින් තනිවම බැහැරව ගොස් ඇති බවට දැරියන්ගේ පියාගේ සොහොයුරු (ලොකු තාත්තා) විසින් කළ පැමිණිල්ලකට අනුව හික්කඩුව පොලීසිය මඟින් විමර්ශන ආරම්භ කෙරිණ.