රතුපස්වල වෙඩි තැබීම නීතිපති අධිචෝදනා ගොනු කරයි

 ඡායාරූපය:

රතුපස්වල වෙඩි තැබීම නීතිපති අධිචෝදනා ගොනු කරයි

ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව නීතිපති දප්පුල් ද ලිවේරා මහතා විසින් ඊයේ (11) ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

අත්වැසුම් නිපැයුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මඟින් පානීය ජලයට විෂ රසායන එක්වන බව පවසමින් 2013 අගෝස්තු මස 01 වැනි දින උද්ඝෝෂණයේ යෙදුණු ජනතාව විසුරුවා හැරීමට යුද හමුදාව මැදිහත් වීමේදී වෙඩි ප්‍රහාරද එල්ල කෙරිණි. එහිදී පුද්ගලයන් තිදෙනෙකු මරුමුවට පත් විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හමුදා නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම සිදුවීමට අදාළව මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබීය.

මාතෘකා