පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද සිට ධාවනයට යෙදවේ

 ඡායාරූපය:

පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද සිට ධාවනයට යෙදවේ

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින් එක් වූ එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියක් අද (11) සිට දිනපතා පොළොන්නරුව බලා ධාවනයට යොදවා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 3 වැනි වේදිකාවේ සිට මෙම පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ මංගල ගමනට ආරම්භක සංඥාව ලබාදීමට නියමිතය. අද සවස 2.30 සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මෙම උත්සවය පැවැත්වෙන අතර ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අනතුරුව සවස 3.05ට කොටුව දුම්රිය ස්ථානයෙන් පුලතිසි ශීඝ්‍රග්‍රාමී දුම්රිය ගමන් අරඹයි.

රාත‍්‍රී 07.45ට දුම්රිය පොළොන්නරුවට ළඟාවීමට නියමිතය. හෙට පස්වරු 03.45ට එය යළි පොළොන්නරුවේ සිට කොටුව දක්වා ගමන් කිරීමට කටයුතු යොදා තිබේ. එය රාත්‍රී 9.06ට කොළඹ කොටුවට ළගාවෙයි. මෙම නව ශීඝ්‍රගාමී දුම්රිය පොළොන්නරුව, කුරුණෑගල, මහව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ඇත.