තහනම් සංවිධානවල සැකකරුවන් 11ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයට

 ඡායාරූපය:

තහනම් සංවිධානවල සැකකරුවන් 11ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයට

දිවයිනේ තහනම් කර ඇති සංවිධානවල සාමාජිකයින් බවට රාජ්‍ය බුද්ධි සේවයේ තොරතරු මත සිදු කළ මෙහෙයුම්වලදී අම්පාර පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් නමැති තහනම් සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී තිබේ. 

එම සාමාජිකයන් 11 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත තබාගනිමින් විමර්ශන සිදුකළ අතර ඊයේ (10) ඔවුන් ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසයට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙම සැකකරුවන් 11 දෙනා අතරට මොහොමඩ් මන්සූර් සෙයිෆුල්ලාහ්, මොහොම්මඩු රියාල් මොහොමඩ් සාජිද්, මුස්තාක් අලි අම්හර්, මොහොමඩ් තාහිර් හිදයතුල්ලා හා මොහොමඩ් රම්සින් රුප්දි අහමඩ් යන පිරිස ඇතුලත් වේ.

එමෙන්ම මොහිදින් බාවා මොහොමඩ් රූම, අබාදුල් හලීම් මොහොමඩ් හිමාස්, මොහොමඩ් කාසිම් මොහොමඩ් අකිල් , හිස්බුල්ලා බාස් හුස්නි අහමඩ්, මොහොමඞ් සාහිර් මොහොමදු අහ්සන්, මොහොමදු අවුතාක් අනීස් මොහොමඩ් යන සැකකරුවන්ද වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසයට බාර දුන් සැකකරුවන් 11 දෙනා අතරට ඇතුළත්ය.