ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තබයි

 ඡායාරූපය:

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) සිදු කිරීමට නියමිතය.

අද උදෑසන 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ. ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පක්ෂ දෙක අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමද ප්‍රමුඛතම අරමුණක් කර ගනිමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන බව ඊයේ (09) විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය. දැනට රට තුළ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හා ජාතික සමඟිය සම්බන්ධයෙන් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව ක්‍රියාත්මක වී සිටින බවද ඔහු කියා සිටියේය.