සජිත්ගේ මංගල රැලිය අද

 ඡායාරූපය:

සජිත්ගේ මංගල රැලිය අද

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජනරැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (10) පස්වරු 2.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් මෙම රැලියට සහභාගී වීමට නියමිතය. ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන ජනරැලියෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන අතර ඔහු දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රධාන මැතිවරණ රැලි රාශියක් ඇමතීමට නියමිතය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා