අලි අම්මලා මියගියේ විෂ රසායනයකින්

 ඡායාරූපය:

අලි අම්මලා මියගියේ විෂ රසායනයකින්

හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යෑමට හේතුව විෂ රසායනයක් ශරීර ගත වීම බව ඊයේ (9) ‘රැස’ කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව අනුව විෂ ශරීර ගත වීමෙන් මෙම මරණ සිදුව ඇති බව තහවුරු කර තිබේ. එහෙත් ශරීර ගත වී ඇති එම විෂ රසායනික ද්‍රව්‍ය කුමක්ද යන්න තහවුරු කර ගැනීමට මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා මඟින් විමර්ශන ක්‍රියාත්මක බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා සත්ත්ව කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ පශු පර්යේෂණ ආයතනයටද යොමු කළ බවයි.

[දිනුක මලින්ද ]

 

මාතෘකා