මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

 ඡායාරූපය:

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරු 1.10ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් පසු සිය පත්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදෙනු ලැබීය. මේ අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ  මහතා, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මහින්ද රාජපක්ෂ මහතා පවුලේ සාමාජිකයින්ද මේ අවස්ථාවට එක්ව සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය කාර්යාලයේදී අද පස්වරු 3.00ට රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.