සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදායින් ඇරඹේ

 ඡායාරූපය:

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදායින් ඇරඹේ

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2019 දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 433,050කි. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 283,958කි. ඒ අනුව මුළු අයදුම්කරුවන් 717008ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ක්‍රියාත්මක වන අතර මෙවර විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ මැගසින් බන්ධනාගාරය, මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය, නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද විභාගය මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.