ඇමෙරිකාවට බිම් අඟලක් දෙනව නම් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා

 ඡායාරූපය:

ඇමෙරිකාවට බිම් අඟලක් දෙනව නම් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා

මුදල් ඇමති මංගල කියයි

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවා නම් තමන් මුදල් ඇමති ධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (06දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

යෝජිත ගිවිසුමෙන් ඇමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාවක් නොමැති බවත් මෙම ගිවිසුම ජනපතිවරණයට පෙර අත්සන් නොකරන බවත් පාර්ලිමේන්තුව අනුමත කළහොත් පමණක් ඉදිරියට යන බවත් ඇමතිවරයා පැවැසීය. එසේම 2005 වසරේදී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාද මෙම මුදල ලබාගැනීම වෙනුවෙන් ඇමෙරිකාවට යොමු කළ නමුත් සුදු වෑන් හේතුවෙන් එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවැසීය.

මෙම ගිවිසුමේ කිසිම කොන්දේසියක් නොමැති බවත් එහි පවතින එකම කොන්දේසිය වන්නේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු වීම බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය. එහෙත් විපක්ෂය ඇමෙරිකානු විරෝධී භීතිකාවක් රට තුළ ගොඩගැනීමට උත්සාහ කරන නමුත් ගිවිසුමේ රටට අහිතකර එක වචනයක් පවතිනවා නම් එය ඔප්පු කරන ලෙසත් අමාත්‍යවරයා කියා සිටියේය.

[දිනුක මලින්ද හේරත්]

 

News Order: 
3
මාතෘකා