රාජ්‍යතාන්ත්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාර දෙති

 ඡායාරූපය:

රාජ්‍යතාන්ත්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ රාජ්‍යතාන්ත්‍රිකයන් තිදෙනකු පෙරේදා (04) ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්හ.

ලෙබනන් ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, තානාපති ඛාලිඩ් සල්මාන් මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස ශ්‍රී ලංකාව සඳහා ලෙබනන් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස රබී නාර්ෂ් මහතා පත් කෙරිණි. එසේම නයිජීරියා ෆෙඩරල් ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, මහ කොමසාරිස් අහ්මඩ් සලිහු උමාරු මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස ශ්‍රී ලංකාව සඳහා නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ‍ෙජනරාල් ක්‍රිස් ඊස් මහතා පත් කෙරිණි. එමෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම විසින්, තානාපති ටුන්ග් ලායි මාර්ගියු මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඩෙනිස් චයිබි මහතාවද පත් කෙරිණි.

[තියේෂා ද සිල්වා]

News Order: 
5
මාතෘකා