සඳුදා රජයේ නිවාඩු දිනයක්

සඳුදා රජයේ නිවාඩු දිනයක්

වෙසක් පුර පසළොස්වක පොහොය සෙනසුරාදා (18) සහ පොහොයට පසු දින ඉරිදා (19) දින යෙදී ඇති බැවින් ලබන 20 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බුදු තෙමගුල වෙනුවෙන් ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථානවල පැවැත්වෙන ආගමික වැඩසටහන් වඩාත් සාර්ථකව පවත්වාගෙන යෑමට මෙම තීරණය ගත් බව ඊයේ (15) මේ පිළිබඳව නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා