වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයින් 4ක් දෙහිවලදී අත්අඩංගුවට

 ඡායාරූපය:

වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයින් 4ක් දෙහිවලදී අත්අඩංගුවට

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයින් 4 දෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් 38, 33 හා 36 යන වයස්වල පසුවන නයිජීරියානු ජාතිකයින් බව පොලීසිය පවසයි. සැකකරුවන් අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.