ත්‍රස්තවාදය සහ විප්ලවවාදයේ වැදගත්කම මැයි දිනයේදී හදුනාගත යුතුයි

 ඡායාරූපය:

ත්‍රස්තවාදය සහ විප්ලවවාදයේ වැදගත්කම මැයි දිනයේදී හදුනාගත යුතුයි

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයත් සමඟ ලෝක කම්කරු දිනය සැමරීම නතර වුවද, ත්‍රස්තවාදය හා විප්ලවවාදය අතර වෙනස ජනතාව හදුනාගත යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ලෝක කම්කරු දිනය පිළිබඳව මාධ්‍යයට අදහස් පල කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

පසුගියදා සිදු වූ ඛේදවාචකය හේතුවෙන් මැයි දින සැමරුම් නතර කළද, කම්කරු ජනතාවට සාධාරණත්වය ඉෂ්ඨ වූ දිනය මහත් අභිමානයෙන් සැමරිය යුතුය. මෙහිදී   ත්‍රස්තවාදය හා විප්ලවවාදය අතර වෙනස හදුනාගත යුතුය. විප්ලවවාදය ජනතාවගේ වුවමනාව මත සිදු වුවත්, ත්‍රස්තවාදය නායකයින්ගේ වුවමානාව මත සිදු වෙයි. එහිදී විප්ලවවාදයට සහයෝගය දියයුතු වුවත්, ත්‍රස්තවාදයට එරෙහි විය යුතුය. වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණදී ඇති ත්‍රස්තවාදයට එරෙහිව රජය දැඩි පියවර ගන්නවා. උතුරේ මෙන්ම දකුණේ ත්‍රස්තවාදයටද, එරෙහිව මම කටයුතු කර තිබෙනවා. විශ්වවිද්‍යාල සමයේ සිට ලෝක කම්කරු දින සැමරුම්වලට සහභාගී වූ තමන්ට අද දිනයේ කම්කරු දින සැමරුමට සහභාගිවීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.