ඉදිරියේදී ලංගමයට නව මුහුණුවරක් - ප්‍රමිතියෙන් තොර බස් ගෙන්වීමට තහනමක්

 ඡායාරූපය:

ඉදිරියේදී ලංගමයට නව මුහුණුවරක් - ප්‍රමිතියෙන් තොර බස් ගෙන්වීමට තහනමක්

මින් ඉදිරියට ලංගමයට නව මුහුණුවරක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ප්‍රමිතියෙන් තොර බස් රථ මෙරටට ගෙන්වීමට නොහැකි වන ලෙස නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.  නියෝජ්‍ය අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

 

“රුපියල් කෝටි 6918ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. දුම්රිය සේවය මෙහෙයුම් අලාභයක් ලැබුවත් ඉන් විශාල සේවයක් සිදු කරනවා. ලංගම සේවකයන්ට අර්ථසාධක ගෙවලා තිබුණේ නෑ. විශාල ප්‍රශ්න රාශියක් තිබුණා. මේ වනවිට ප්‍රාදේශික 12ක තුනක් හැර සේවක අර්ථසාධක අරමුදල් හා පාරිතෝෂික අරමුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය ලබාගත් ජයග්‍රහණ තිබෙනවා. මෙහෙයුම් ලාභයක් ලබාගැනීමට හැකි වුණා. 2018 ලාබය බිලියන 02ක් පමණ වෙනවා. ගැමි සැරිය, සිසු සැරිය ක්‍රියාත්මක කර තිබෙනවා. නිසි සැරිය බස් රථ සේවය ක්‍රියාත්මක කරනවා. සේවකයන්ගේ බෝනස් මුදල ලබාදුන්නේ රුපියල් 1000ක්. රුපියල් 13500ක් බැගින් 2018 වසරේ ලංගම සේවකයින් සියලු දෙනාට ලබාදීමට හැකි වීම ජයග්‍රහණයක්. නවීන බස් රථ 2000ක් මේ වසරේ ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ලංගමයට නව මුහුණුවරක් ලබාදීමට ලබාදීමට මින් බලාපොරොත්තු වෙනවා. ප්‍රමිතියෙන් තොර බස් රථ මෙරටට ගෙන්වීමට නොහැකි වන ලෙස නීති ගෙන ඒමට කටයුතු කරනවා. බස් රථ ගෙන්වීමේදී ප්‍රමිතියක් අනුව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල වැඩකොටසක් සිදු කරනවා. දුම්රිය මැදිරි 160ක් ගෙන්වීමට මුදල් ලැබී තිබෙනවා. අනෙක් දුම්රිය මැදිරි ඉදිරියේදී ලැබෙනවා. හොඳ ගමන් වාරයක් මඟීන්ට ලබාදීමට ඉන්  හැකියාව ලැබෙනවා. මාතර බෙලිඅත්ත දුම් රිය මාර්ගය ලබන මස විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. තවත් කිලෝමීටර 63ක් හම්බන්තොට දක්වා ඉදිකෙරෙනවා. හබරණ - කුරුණෑගල දුම්රිය මාර්ගය ආරම්භ කරනවා. 6, 65000කට වැඩි ප්‍රමාණයක් වාහන ලියාපදිංචි කර තිබෙනවා. වේරහැර ධාවන පථය විවෘත කළා. වාහන දඩමුදල් වැඩි කිරීම මඟින් මාර්ග අනතුරු අඩුවීමක් දක්නට ලැබුණා. රුපියල් 25,000 දඩ මුදල අඩු කිරීමට සිදු වුණා. ඉදිරියේදී හඳුනාගත් වැරදි 07කට දඩ මුදල් රුපියල් 25000ක පමණ වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.