රට පැන්න මත් ජාවාරම්කරුවන් ගෙන්වීමට විශේෂ මෙහෙයුමක්

රට පැන්න මත් ජාවාරම්කරුවන් ගෙන්වීමට විශේෂ මෙහෙයුමක්

රටින් පලා ගොස් විදේශයන්හි සැඟව සිටින අපරධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් එහි පසුවිපරම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ඊයේ (24) ‘රැස’ කළ විමසීමකදී පැවසීය.

උදර්පන නීතිය යටතේ රටවල් 6ක මෙම මෙහෙයුම් සිදු කෙරෙන බවත් මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු පමණ මේ වන විට දකුණු ඉන්දියාව, ඩුබායි, එමීර් රාජ්‍යය, පාකිස්ථානය වැනි රටවල සැඟව සිටින බවත් ඒ මහතා පැවසීය.

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර එම රටවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අදාළ ආයතන හා සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කටයුතු සිදු කරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා