විල්පත්තුව මුවාවෙන් ජාතිවාදය අවුස්සන්න එපා : උතුරේ භික්ෂූහු ඉල්ලති

විල්පත්තුව මුවාවෙන් ජාතිවාදය අවුස්සන්න එපා : උතුරේ භික්ෂූහු ඉල්ලති

විල්පත්තු රක්ෂිතය හා අවට රජයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දකුණේ ඇතැම් පිරිස් විසින් ගෙන යන වැරදි සන්නිවේදනය තුළින් යළි ජාතිවාදය ඇවිස්සීමේ අවධානමක් ඇති බැවින් එවැනි උත්සහයන් වහාම නවත්වන ලෙස උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිති.

වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර සිටි අතර එහිදී අදහස් දැක්වූ පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන් කියා සිටියේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දකුණේ ඇතැම් පිරිස් විසින් විල්පත්තු වනය පිළිබඳ අතීතය නොසොයා පදනම් විරහිත ප්‍රකාශ කරන බවයි.

“මීට වසර 30 කට පෙර යුද්ධය නිසා ඒ ප්‍රදේශවල ජනතාව ඉවත් වුණා. දැන් යුද්දෙන් පසුව ඒ අය නැවත ආවම කැලෑ එළි පෙහෙලි කරන්න ඕන. අනිත් කාරණාව මේ ජනතාව මේ වෙනකොට ගිය පිරිසට වඩා වැඩි වෙලා ඉන්නේ. රාජ්‍ය අනුග්‍රහය යටතේ පදිංචි වූ ජනතාවට ආර්ථික වශයෙන් සවියක් වීමට තමයි මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න පියවර අරන් තියෙන්නේ.” උන්වහන්සේ පැවසූහ.

[ශේෂලා කංකානම්ගේ]

මාතෘකා