ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූයේ 2018 වසරේදීයි

 ඡායාරූපය:

ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූයේ 2018 වසරේදීයි

හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

 

ඉතිහාසයේ සංවර්ධනය නොවූ දිස්ත්‍රික්කයක් වන හම්බන්තොට දැන් සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. අද දින හම්බන්තොට ප්‍රදේශයේ ඩොලර් බිලියන හතරක් වටිනා ව්‍යාපෘතිය අපේ රටේ ආර්ථික වර්ධනයේ වැදගත් සංධිස්ථානයක්. හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් එදා සකස් කළත් ඉන් රට හෝ හම්බන්තොට ජනතාවට ඵලදායී වුණේ නෑ. 2015 පෙර ව්‍යාපෘති හැදුවේ විශාල ණය කන්දකට රට තල්ලු කරමින්. ණය අරගෙන සංවර්ධන ක්‍රම දියත් කළාට ඉන් රටට ප්‍රයෝජනයක් නැති නම් එය සුදු අලි බවට පත් වෙනවා. අප සෘජු ආයෝජන ලැබෙන පසුබිමක් ඇති කළා. ණය ගන්නවට වඩ සෘජු ආයෝජන රටට ගෙන ඒමට අවශ්‍ය වටපිටාව සැකසීම වැදගත් වෙනවා. ලංකා ඉදිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූ අවුරුද්ද 2018 යි. ජනතාව බලගැන්වීමත්, ආර්ථිකය පහළට ගලා යෑමත් දුප්පත් කම දුරු කරමින් ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ඇතිකිරීම අග්‍රාමාත්‍යතුමාගේ ආර්ථික දැක්මයි. අද සුවිශේෂී දවසක්. අද එතුමගේ 70 වැනි ජන්ම දිනය යෙදී තිබෙනවා. එතුමාගේ ආර්ථික දැක්මේ කොටස් කරුවෙක් වීමට හැකි වීම ගැන සතුටු වෙනවා.”