හෙරොයින් කිලෝ 100ක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට

 ඡායාරූපය:

හෙරොයින් කිලෝ 100ක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට

ඉරාන ජාතිකයන් 9 දෙනෙකු නැවකින් ප්‍රවාහනය කරමින් සිටි හෙරොයින් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා නාවික හමුදාව එක්ව මෙම වැටලීම සිදුකර තිබේ. එම නැව වට කිරිමත් සමඟ මත්කුඩු කිලෝ 50කට අධික ප්‍රමාණයක ඇසුරුම් කඩා මුහුදට දමා ඇතැයිද නාවික හමුදාව ප්‍රකාශ කරයි.