ඕමාන් ආයෝජනය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

 ඡායාරූපය:

ඕමාන් ආයෝජනය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඕමානයේ පෞද්ගලික සමාගමක් සමඟ ආරම්භ කරන බවත් එම සමාගමට සියයට 30ක කොටස් ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඕමාන් රජය සිදු කරන ව්‍යාපෘතියක් නොවන බවට ඕමානයේ ඛනිජ තෙල් සහ වායු පිළිබඳ අමාත්‍යාංශය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස කාංචන විජේසේකර මන්ත්‍රීවරයා කළ ඉල්ලීමකට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඩොලර් මිලියන 3.8ක ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය සිදු කරන බවද අයෝජන මණ්ඩලය මේ පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

[රසිකා හේමමාලි]

මාතෘකා