ජනාධිපති කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

 ඡායාරූපය:

ජනාධිපති කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

පසුගිය වසර 4ක කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි බාර ගැනීම ලබන 19 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබේ.

කොමිසමට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන්, 14 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ කාල සීමාව යළි දීර්ඝ කළ බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මේ වනවිට පැමිණිලි 742ක් කොමිසමට ලැබී තිබේ. ලද පැමිණිලි අතුරින් 300කට අධික සංඛ්‍යාවක් රජයේ ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 18ක් මූලික විමර්ශනය සඳහා විශේෂ පොලිස් ඒකකයට භාර දී ඇතැයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධී විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා පුළුල් විමර්ශනයකට ලක් කිරීම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමේ කාර්යභාරය වේ.