2025දී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට පියවර

 ඡායාරූපය:

2025දී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට පියවර

වසර 2025දී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 

ජලභීතිකා මර්ධන වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ජලභීතිකා මර්දන වැඩසටහන අමාත්‍යාංශයට පවරා ගන්නා බවත් වසර 2017දී සුනඛ ජලභීතිකාව හේතුවෙන් මානව මරණ 23ක් සිදු වී තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. 2018දී ජලභීතිකාව හේතුවෙන් මරණ 25ක් සිදුව තිබෙන අතර මේ වනවිට රටේ ජලභීතිකාව වැඩිවෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.