ඉඩම් ආරවුල විසඳීමට ගිය පොලීසියට ගිනි අවියක් හමුවෙයි

 ඡායාරූපය:

ඉඩම් ආරවුල විසඳීමට ගිය පොලීසියට ගිනි අවියක් හමුවෙයි

බලපත්‍ර නොමැතිව රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) සවස කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ල පොලිස් වසමේ හිරිවඩුන්න ප්‍රදේශයේදී ඉඩමක් සම්බන්ධව පාර්ශව දෙකක් අතර හටගත් ආරවුලක් පිළිබඳ කෑගල්ල පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයේදී ආරවුලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පැමිණි කාර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමඟ ජීව උණ්ඩ 6ක් සොයා ගැනිණ. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් අද (25) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.