හිටපු කොටි බුද්ධි සාමාජිකයන් තිදෙනෙකුට අධිචෝදනා

හිටපු කොටි බුද්ධි සාමාජිකයන් තිදෙනෙකුට අධිචෝදනා

2009 ජනවාරි 16 වනදා හෝ ඊට ආසන්න දිනයකදී යුද සිරකරුවන් ලෙස එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවේ සිටි නාවික හමුදා සහ යුද හමුදා සෙබළුන් 26 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනකු සඳහා අධිචෝදනා භාරදීම ඊයේ (24) වවුනියාව මහාධිකරණයේදී සිදු විය.

වවුනියාව මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතා ඉදිරියේ නඩු විභාගය කැඳවූ අවස්ථාවේ යුද සිරකරුවන් ලෙස අත්අඩංගුවේ සිටි දී සෙබළුන් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙත සංශෝධිත අධිචෝදනා පත්‍රියක් භාරදෙනු ලැබීය.

මෙලෙස අධිචෝදනා ලැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි සාමාජිකයන් වන මදීඅරසන් සුලක්ෂන්, ගනේෂන් දර්ශන් සහ සිවතුරෙයි සිවරූබන් නැමති වවුනියාව හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙතය. සැකකාර හිටපු බුද්ධි සාමාජිකයන් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබළුන් 26 දෙනා මුලතිව් විශ්වමඩු, වල්ලිපුනම්හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩිතබා ඝාතනය කර සීනි සහ පෙට්‍රල් යොදා සිරුරු ගිනි තැබූ බව ත‍්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය. ඝාතනය කළ හමුදා සෙබළුන්ගේ ඩී.එන්.ඒ. සාම්පල හෝ ලබාගැනීමට නොහැකි වන ලෙස සීනි සමඟ පෙට‍්‍රල් දමා පුලුස්සා තිබූ බවට අනාවරණය වී තිබේ.

[ශේෂලා කංකානම්ගේ]

මාතෘකා