පුල්මුඩේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

 ඡායාරූපය:

පුල්මුඩේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ පොඩවාකට්ටු පාලම ආසන්නයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් එහි ගමන් ගත් තරුණයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඔවුන් සෙන්දූර් මදුරන්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී ඇති අතර ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරු පැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් අදාළ අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු සහ පසු පැදිකරු කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් මියගොස් තිබේ. මියගිය දෙදෙනා අවුරුදු 18 හා 28 යන වයස්වල පසුවන්නන්ය.