ඉන්දුනීසියානු මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

 ඡායාරූපය:

ඉන්දුනීසියානු මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව තවත් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 7 .3 ක් ලෙස සටහන් වී ඇති අතර ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කරන්නේ මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙතෙද දැනී ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ඩාවින්හි ගොඩනැගිලි කිහිපයකින් පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැත. තවද භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.