ගාල්ලේදී කුඩු බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට

 ඡායාරූපය:

ගාල්ලේදී කුඩු බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට

දින 7ක් රැඳවුම් නියෝග ලබා විමර්ශනය කරමින් සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගාල්ල,කොස්ගොඩ ප්‍රදේශයේ එම සැකකරුගේ නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් ඊයේ (23) සොයා ගැනිණ.

 

ඉකුත් 19 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අදාළ පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 330, මිලිග්‍රෑම් 600ක් ළඟ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගැනිණි. ඉකුත් 20 වැනිදා සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර විමර්ශන සිදු කෙරිණ. ඔහු අනාවරණය කළ කරුණු අනුව ඊයේ සවස සැකකරුගේ නිවසේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 506යි මිලිග්‍රෑම් 700ක් සොයාගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.