වැලිකන්දේ රිය අනතුරකින් පුද්ගයන් පස්දෙනෙක් ජීවිතක්ෂයට

 ඡායාරූපය:

වැලිකන්දේ රිය අනතුරකින් පුද්ගයන් පස්දෙනෙක් ජීවිතක්ෂයට

වැලිකන්ද, කොලකනවාඩිය මාර්ගයේ අත්ට්‍රැක්ටරයක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ට්‍රැක්ටරය මනම්පිටිය දෙස සිට වැලිකන්ද දෙසට ගමන් කරමින් සිටියදී පිටුපසින් එම දිශාවටම ගමන් කළ වෑන් රථයක් ට්‍රැක්ටරය ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුව ඇති අතර අනතුරින් තවත් 12 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි එදිරිසිංහ ආරච්චිලාගේ පුෂ්පකුමාර, 38 හැවිරිදි බී. එම්. අනෝමා කුමාරි, 30 හැවිරිදි ආර්. ජී. ඒ. සංජීවනී, 22 හැවිරිදි වියේ පසුවන ආර්. ජී. ඒ. සකුන්තලා, ඩබ්ලිව්.ඒ.සේපාලිකා යන අයයි. ඔවුන් බෝවත්ත හා මැදිරිගිරය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ. වැලිකන්ද පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.