2025දී ළමා ශ්‍රමිකයන්ගෙන් තොර රටක්

 ඡායාරූපය:

2025දී ළමා ශ්‍රමිකයන්ගෙන් තොර රටක්

2025 වන විට ළමා ශ්‍රමය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ළමා ශ්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට පියවර ගත් බව කම්කරු හා වෘත්තිය සබඳතා අමාත්‍යංශයේ ලේකම් ආර්. ටී. ආර්. රාජපක්ෂ මහතා පවසයි.

මේ දක්වා ළමා ශ්‍රමික වයස් සීමාව අවුරුදු 14ක්ව පැවති බවත් වයස අවුරුදු 14ත් 18ත් අතර වයසේ පසුවන දරුවන්ට අනතුරුදායක රැකියාවල නිරත වීමට නීතියෙන් ඉඩක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

වයස අවුරුදු 16 දක්වා ළමයෙකු අධ්‍යාපනය හැදෑරීම අනිවාර්ය නිසා එම වයස් සීමාවේ ළමයෙකු ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම වරදක් බවත් ඒ මහතා පැවසීය. ඒ අනුව මෙම වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ නීති මේ වනවිට කෙටුම්පත් කර ඇති අතර ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලබා ගනිමින් සාමාන්‍ය පටිපාටියට අනුව පාර්ලිමේන්තුවේ එය සම්මත කර ගැනීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය.

 

[සුමන උදයන්ත]

මාතෘකා