අන්තවාදය පැරදවීමට යුරෝපා සංගමයේ සහාය

අන්තවාදය පැරදවීමට යුරෝපා සංගමයේ සහාය

ශ්‍රී ලංකාව හමුවේ ඇති ත්‍රස්ත තර්ජනය සහ ම්ලේච්ඡ අන්තවාදය මැඩපැවැත්වීම වෙනුවෙන් සිය සහාය පළ කරන බවත් ශ්‍රී ලාංකීය ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ඒ සඳහා අරමුදල් ලබාදීමට කටයුතු කරන බවත් ඊයේ (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසූහ.

මේ අතර නොබෝදා මාධ්‍යවල පළවූ වෛරී ප්‍රකාශයන් පිළිබඳව සඳහන් කළ ඔවුහු එවන් මාධ්‍ය වාර්තා මඟින් තත්ත්වය තවත් උග්‍ර අතට පත්වන බව ප්‍රකාශ කර සිටියහ. අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළ තානාපතිවරු, එම අමාත්‍යවරුන් ඉතා ඉක්මනින් නැවතත් ආණ්ඩුව හා එක්වනු ඇති බවට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා